Skip to main content

සූත්‍රාන්ත දහම් කරුණු උපුටා ගැනීම් - Dhamma from Suthra


How not to and how to listen to Dhamma 

අනෙකග්ග චිත්ත සූත්‍රය

151

“මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්‍ධර්‍මය අසන්නේද, කුශල ධර්‍මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.

“කවර පසකින්ද යත්, ධර්ම කථාවට පරිභව කෙරේද, කථිකයාට පරිභව කෙරේද, තමාට පරිභව කෙරේද, වික්‍ෂිප්ත සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ නොවූ සිත් ඇත්තේ නුනුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.

“මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්‍ධර්‍මය අසන්නේද, කුශල ධර්‍මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.

“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.

“කවර පසකින්ද යත්? කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, වික්‍ෂිප්ත නොවූ සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.

“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.

බුද්ධජයන්ති ත්‍රිපිටකය: 

 

සරල සිංහල ත්‍රිපිටකය:

https://pitaka.lk/main?n=30251

 

 

https://pitaka.lk/main?n=221520

====================================

ධුනාථ මච‍්චුනො සෙනං නළාගාරංව කුඤ‍්ජරො.යො ඉමස‍්මිං ධම‍්මවිනයෙ අප‍්පමත‍්තො විහෙස‍්සති,ප

 

හාය ජාතිසංසාරං දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී


ආරම්භවීර්‍ය්‍යය කරවු, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු.

යමෙක් මේ සස්නෙහි අප්‍රමත්ත ව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.


සංයුත‍්තනිකායො> සගාථවග‍්ගො> බ්‍රහ‍්මසංයුත‍්තං> පරිනිබ‍්බාණවග‍්ගො> අරුණවතී සූත්‍රය : 


- බුද්ධ ජ.ත්‍රි : https://tipitaka.lk/sn-1-6-2-4/sinh

- අක්ක


 කතාව : https://tipitaka.lk/atta-sn-1-6-2-4/sinh


- සරල.සිංහල ත්‍රි : https://pitaka.lk/main?n=211516


https://youtu.be/1NcwOA4iAB0?si

=ALk7Zgu0YRoVOiT6