පාලි වචනාර්ථ - Meaning of Pali words
කුචඡිතෙ පාපකෙ ධම්මෙ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති => කුසලා
කුස සංඛතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති => කුසලං
-https://pitaka.lk/dhammapada/ss/katha-33.html
රුප්පතීති ඛො භික්ඛවෙ! තස්මා රූපන්ති වච්චති” යනු තථාගතයන් වහන්සේ විසින් රූපය වර්ණනා කළ ආකාරයයි. “මහණෙනි, රුප්පනය වන බැවින් රූප නම් වේය” යනු එහි තේරුම යි. දැන් දත යුත්තේ රුප්පනය යනු කුමක් ද කියා ය. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ “රුප්පති” යන තථාගත වචනය කාමසූත්‍රය වර්ණනා කිරීමේ දී වර්ණනා කර තිබෙනුයේ “කුප්පති ඝට්ටීයති පීලියති” යන වචනවලිනි. ඒ වචනවල තේරුම “කිපේය, විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබා ය, විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබා ය” යනුයි. එහි සැටියට රූපය කවරෙක් දැ යි කියත හොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියා ය.
එහි විරුද්ධ ප්‍රත්‍යය නම් ශීතෝෂ්ණාදිය ය. රූපයා ගේ කිපීම වනාහි නයාගේ කිපීම, කොටියාගේ කිපීම, රජුගේ කිපීම වැන්නක් නොව සෙම කිපුණේය, වාතය කිපුණේය, පිත කිපුණේය යනාදීන් හි කියැවෙන කිපීම බඳු කිපීමකි.
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/5.html
කුසල් යනු - The meaning of merit ( Kusala )
කුචඡිතෙ පාපකෙ ධම්මෙ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති => කුසලා
කුස සංඛතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති => කුසලං
https://pitaka.lk/dhammapada/ss/katha-33.html
- රූප යනු - What are Rūpa ( 'form' - any thing having material existence)