General References - Page 1
- The extent of which one should let go to achieve the ultimate goal of Nibbana :
“ධනං චජෙ යො පන අංගහෙතු
අංගං චජෙ ජීවිතං රක්ඛමානො,
අංගං ධනං ජීවිතඤ්චා පි සබ්බං
චජේ නරො ධම්මමනුස්සරන්නො”
“ශරීරාවයවයන් රැක ගැනීමට ධනය හළ යුතුය. දිවි රැක ගැනුම පිණිස ශරීරාවයව ද හළ යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානුකූල ප්‍රතිපත්තිය රකිනු සඳහා අංග-ධන-ජීවිත යන සියල්ලම පරිත්‍යාග කළ යුතුය.”
Book : සූවිසි මහ ගුණය > සුපටිපන්න ගුණය > අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සේ :
https://pitaka.lk/books/suvisi-gunaya/20-2-5.html
- The :
- නිලණයට යන
මෙතෙක් වේලා සාවධාන ව ධර්මශ්‍රවණය කිරීම් වශයෙන් පහළ
වූ චිත්තං-චෛතසික-රූප ධර්ම ඒ ඒ මොහොතේ ම ඇති ව නැති
ව ගිය නිසා අනිත්‍ය යි.
අනිත්‍ය වූ චිත්ත-චෛතසික-රූප ධර්ම නිරන්තරයෙන් ම
ඇතිවීම්-නැතිවීම් වශයෙන් සන්තානය පෙළෙන බැවින් දුක්ඛ යි.
අනිත්‍ය වූ, දුක්ඛ වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම තමාගේ
වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්ම යි.
වතුbps3 න්‍යායට
ඒ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම
සියල්ල දුක්ඛ-ආර්ය සත්‍යය යි.
ඒ දුක්ඛ-ආර්යසත්‍යයට හේතු වූ පූර්ව භව තෘෂ්ණාව දුක්ඛසමුදය-
ආසත්‍යය යි.
ඒ දුක්ඛ, සමුදය දෙකෙහි නො පැවැත්ම, නිරෝධය
දුක්ඛනිරෝධ-ආර්යසත්‍යය යි.
ඒ දුක්ඛනිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව
දුක්ඛනිරෝධගාමිනීපටිපදා-ආර්යසත්‍යය යි.
ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ම
මෙතෙක් රැස් වූ කුසල් ඒකාන්තයෙන් ම හේතු වේවා 