ප්‍රශ්න - Questions
- Nivanin pasu sitha
බුද්ධජයන්ති ත්‍රිපිටකය:
https://tipitaka.lk/mn-2-3-2/sinh
සරල සිංහල ත්‍රිපිටකය:
https://pitaka.lk/main?n=19122
උපුටා ගැනීම :
“........
භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනාවූ සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද? “වච්ඡය, උපදී යනු නොයෙදෙයි. “භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද?”
“වච්ඡය, නූපදී යනුද නොයෙදෙයි (සුදුසු නොවෙයි)”
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද, නූපදීද?”
“වච්ඡය, උපදීද, නූපදීද යනුද නොයෙදෙයි.”
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම්, නොමඋපදියි, නූපදින්නේත් නොවේද?”
“වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවෙයි යනුද නොයෙදේයයි වදාළේය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනු සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද?’ මෙසේ විචාරණ ලද්දේද, “වච්ඡය, උපදියි යනු නොයෙදේ යයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් නූපදීද? මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, නූපදියි යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, එසේවීනම් උපදීද නූපදීද?” මෙසේ විචාරණ ලද්දේද “වච්ඡය, උපදීද නූපදීද යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, නොම උපදියි, නූපදින්නේත් නොවේද?”
මෙසේ විචාරණ ලද්දේ “වච්ඡය, නොම උපදියි නූපදින්නේත් නොවේය යනු නොයෙදේයයි” කීයෙහිය.
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි මම නොදැනීමට පැමිණියෙමි. මෙහි මුළාවට පැමිණියෙමි. භවත් ගෞතමයන් වහන්සේගේ පළමු කථාවෙන් මා හට යම් ප්‍රසාද මාත්‍රයක් ඇතිවීද, එයද දැන් මට නැතිවිය.”
“වච්ඡය, තාගේ නොදැනීමට සුදුසුය. මුළාවීමට සුදුසුය. වච්ඡය, මේ ධර්මය තෙමේ ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබෝධ කිරීම දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි යෙදෙන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ තා විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය.
191
“වච්ඡය, එසේවීනම් මෙහිලා තගෙන්ම අසමි. තොපට යම්සේ කැමැති වන්නේද එපරිද්දෙන් එය ප්‍රකාශ කරව. වච්ඡය ඒ කුමකැයි හඟින්නෙහිද?”
“ඉදින් තොපගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේය. නුඹ ‘මාගේ ඉදිරියෙහි මේ ගින්න ඇවිලේ යයි දන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි ඇවිලේයයි මම දනිමි.”
“වච්ඡය, ඉදින් වනාහි තගෙන් ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේද?” මෙසේ අසන්නේ නම් වච්ඡය මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?
“භවත් ගෞතමයන් වහන්ස, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියේ ඇවිලේද, මේ ගින්න කුමක් නිසා ඇවිලේදැයි, ඉදින් මගෙන් මෙසේ අසන්නේ නම් භවත් ගෞතමයන් වහන්ස, මෙසේ අසනු ලැබූ මම ‘යම් මේ ගින්නක් මා ඉදිරියෙහි ඇවිලේද, මේ ගින්න තෘණ දැව දර නිසා ඇවිලේයයි මෙසේ ප්‍රකාශ කරන්නෙමි.
“වච්ඡය, ඉදින් තොප ඉදිරියෙහි මේ ගින්න නිවෙන්නේ නම් මේ ගින්න මා ඉදිරියෙහි නිවුනේ යයි දන්නෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියෙහි ඒ ගින්න නිවුනේ නම්, මේ ගින්න මා ඉදිරියේ නිවුනේ යයි මම දනිමි.”
“වච්ඡය, ‘යම් මේ ගින්නක් තොප ඉදිරියෙහි නිවුනේද ඒ ගින්න මෙතැනින් නැගෙනහිර දිශාවට හෝ බස්නාහිර දිශාවට හෝ උතුරු දිශාවට හෝ දකුණු දිශාවට හෝ කවර නම් දිසාවකට ගියේදැයි, ඉදින් තගෙන් මෙසේ අසන ලද්දේ නම් වච්ඡය, මෙසේ අසන ලද්දාවූ නුඹ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?”
“භවත් ගෞතමයන් වහන්ස, එසේ කීම නොයෙදෙයි. භවත් ගෞතමයන් වසන්ස, ඒ ගින්න තෘණ දර ආදී යමක් නිසා ඇවිලුනේද, එය කෙළවර වීමෙන්, දැවීමට අන් දෙයක්ද නැති හෙයින් නිවුණේයයි කියයුතු බවට පැමිණේයයි” (කීයේය.)
192
“වච්ඡය, මෙපරිද්දෙන්ම යම් රූපයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ රූපය තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලද්දේය. මුල් සිඳින ලද්දේය, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, රූපය කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙම මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ ප්‍රමාණ කළ නොහැක්කේ බැස ගැනීමට නොහැකිවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද, කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේද නොවේයයි කීමටද නුසුදුසුය.
“යම් වේදනාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද, ඒ වේදනාව තථාගතයන් විසින් පහකරණ ලදී. මුල් සිඳින ලදී කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, වේදනාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුවූයේ, ප්‍රමාණ කළ නොහැක්කේ, බැසගැණීමට දුෂ්කරවූයේ වෙයි. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේ යයිද කීමටද නුසුදුසුය.
“යම් සංඥාවක් නිසා තථාගතයන් වහන්සේ සත්වයෙකැයි පනවන්නේද, කියන්නේද ඒ සංඥාව තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදී. මුල් සිඳින ලදී, කරටිය සුන් කළ තල් ගසක් මෙන් කරණලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවන ලදී. වච්ඡය, සංඥාවයයි කියන ස්වභාවයෙන් මිදුනාවූ තථාගත තෙමේ මහා සමුද්‍රය මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැසගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය. උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය. නොම උපදියි, නූපදින්නේ නොවේයයිද කීමටද නුසුදුසුය....."
විශේෂයෙන් සැලකිය යුතුයි :
".....මේ ධර්මය තෙමේ ගැඹුරුය. දැකීම දුෂ්කරය අවබෝධ කිරීම දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක්කේය. සියුම්ය. පණ්ඩිතයන් විසින් දත යුතුය. අන්‍ය දෘෂ්ටිකවූ අනික් දෘෂ්ටියක් පිළිගන්නාවූ අනික් දෘෂ්ටියක් කැමතිවන්නාවූ අනික් දෘෂ්ටියෙක්හි යෙදෙන්නාවූ අනික් දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තාවූ තා විසින් ඒ ධර්මය දැනගැණීම දුෂ්කරය..... "
තවද....
".......යම්විඤ්ඤාණයක් නිසා තථාගතයන් වහන්සේ සත්වයකැයි පනවනු ලබන්නේද, කියනු ලබන්නේද ඒ විඤ්ඤාණය තථාගතයන් විසින් පහකරනලදී. මුල් සිඳින ලදී. කරටිය සුන්කළ තල් ගසක් මෙන්කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදනා බවට පමුණුවනලදී. වච්ඡය, විඤ්ඤාණ යයි කියන ස්වභායෙන් මිදුනාවූ තථාගත තෙමේ මහ මුහුද මෙන් ගුණයෙන් ගැඹුරුය. ප්‍රමාණ කළ නොහැක්කේය. බැස ගැණීමට දුෂ්කරය. උපදීයයි කීමටද නුසුදුසුය. නූපදීයයි කීමටද නුසුදුසුය, උපදීයයිද නූපදීයයිද කීමටද නුසුදුසුය නොම උපදියි නූපදින්නේ නොවේයයි කීමටද නුසුදුසුයි.” (වදාළේය.)......"
තුන් කල් දක්නා නුවණැති භාග්‍යවතුන් වහන්සේ දැක්වූ කරුණු තිබියදී,
නවීන විද්‍යාවෙන් අරථ කියන්නෝ ,
අතුපතර විහිදුණු මහා සල් රුකක් දක්වා,
අරටුව පසෙක තිබියදී සිවිය පෙන්වා,
'මෙයයි ගස' කියන්නාක් මෙනි....!!!
පරමත්ථ යන වචනය : https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/2-3.html
- පිරිනිවීමෙන් පසු මොකද වෙන්නේ" කියන එක ට....
"නැති වෙනවා ඉවර වෙනවා" කියලා මම කිව්වා.
ඒක "මම ඉන්නවා" කියලා ආත්ම සංකල්පය නිසා ඇතිවුණු එකක්...
ඒක එහෙම විසඳගන්න බැහැ...
සමිත පෙරේදා ම කිව්ව පහත සූත්‍රයෙන් ඒ අදහස වැරදි බව මට තේරුණා... කොහොමත් හිටියේ නැති සත්වයෙක් නිවෙන පසු නැති වෙන්නේ නැහැ නෙ ..!!
බුද්ධජයන්ති ත්‍රිපිටකය:
https://tipitaka.lk/sn-3-1-2-4-3/sinh
සරල සිංහල ත්‍රිපිටකය:
https://pitaka.lk/main?n=2310100
- What happens at Sothapatti the first attainment - පසත දේශනාව වලින් සෝවාන් වීමේදි වෙන දේ දැනගන්න.
මේ කරුණු බජාර් එකේ තමන්ගේ එක ලොකුයි කියල පෙන්නන්න පාවිච්චි කරන්න එපා.
තම දැනුම පිනිසම, තමන් ගේත් අන්අය ගේත්, යහපත පිණිස ම යොදා ගන්න.
https://1drv.ms/u/s!AqKm4HL3XhampCfAlSbPNQzK5Z1l?e=0E1pTd
No comments to display
No comments to display